අගෝස්තු පළමුවැනි දා සිට ඉන්ධන ලැබෙන්නේ කෙසේ ද?

අගෝස්තු පළමුවැනි දා සිට ඉන්ධන ලැබෙන්නේ කෙසේ ද?

by Staff writer 31-07-2022 | 7:18 PM

COLOMBO (News 1st) –  අගෝස්තු පළමුවැනි දා සිට ඉන්ධන ලැබෙන්නේ කෙසේ ද?


1. හෙට(01) දින සිට ඉන්ධන ලබා දෙන්නේ QR ක්‍රමවේදයට පමණි. මීට ඉහත පැවති රථයේ අවසන් අංකයට, ටෝකන් ක්‍රමය හා වෙනත් ක්‍රම හරහා ලබා දෙන්නේ නැත.‍

2. QR ක්‍රමවේදයට ඉන්ධන ලබා දෙන ඉන්ධන හල්වලට ඉන්ධන නිකුත් කිරීමේ දී ප්‍රමුඛතාව හිමිවේ.

3. චැසි අංකයට අනුව QR ක්‍රමයට ලියාපදිංචි විය නොහැකි රථ හිමියන්ට හෙට සිට ආදායම් බලපත්‍රයේ අංකයට අනුව ලියාපදිංචි විය හැක.

4. ත්‍රී රෝද රථ හිමිකරුවන් ළඟම ඇති පොලීසියේ ලියා පදිංචි වී ළඟම ඇති ඉන්ධන පිරවුම් හලක් නම් කළ යුතුය.

5. විදුලි ජනක යන්ත්‍ර, කෘෂිකර්මාන්ත සඳහා භාවිතා වන ඉන්ධන අවශ්‍ය යන්ත්‍ර ඇතුළු යන්ත්‍රෝපකරණ සඳහා ඉන්ධන ලබා ගැනීමට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතුවේ.

6. රථ වාහන කිහිපයක් ඇති ආයතනවල ලියාපදිංචි සහතිකය භාවිතා කර සියලුම රථ ලියා පදිංචි කළ හැක.

7. මගී ප්‍රවාහන රථ සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු ඇත. මගී ප්‍රවාහන බස්රථවලට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඉන්ධන ලබා ගත හැක. මාර්ග බලපත්‍රය හා අදාල ගමන් මාර්ග සලකා බලා ඉන්ධන ලබා ගත හැකි කෝටාව තීරණය කරනු ඇත.

8. පාසල් දරුවන් ප්‍රවාහණය කරන රථ, කාර්යාල සේවකයන්  ප්‍රවාහනය කරන රථ, කර්මාන්ත සඳහා භාවිතවන රථ, සංචාරක ක්ෂේත්‍රයේ රථ, ගිලන්රථ හා සෙසු අත්‍යාවශ්‍ය සේවා සඳහා ද ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඉන්ධන ලබා ගත හැක.

9. සියලුම ඉන්ධන හල් වලදී ගිලන් රථ සඳහා ඉන්ධන ලබා දීමේ දී ප්‍රමුඛතාව ලබා දිය යුතු වේ.

10. පොලිස් දෙපාර්තමේන්තුව සඳහා අවශ්‍ය ඉන්ධන අදාල පොලිස් බල ප්‍රදේශයේ තෝරාගත් ඉන්ධන හලකදී ලබා දෙනු ඇත.

11. අයථා ලෙස ඉන්ධන ලබාදෙන ස්ථාන හා අවස්ථාවල තොරතුරු වට්ස් ඇප් අංක 0742123123 වෙත යොමු කළ හැක.