සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපතිගෙන් ඇරයුම්

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපතිගෙන් සියලු මන්ත්‍රීවරුන්ට ඇරයුම්

by Staff writer 30-07-2022 | 7:57 PM

COLOMBO (News 1st) - සියලුම මන්ත්‍රීවරුන්ට සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලිඛිතව අදාල ඉල්ලීම සිදු කර ඇති බවයි.

අප රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට සමගාමීව රට තුළ නිර්මාණය වූ දේශපාලනික හා සමාජයීය අරාජිකත්වය මේ වනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බව ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට යොමුකළ ලිපියේ සඳහන් වේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, ක්‍රමවත් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික සැලසුම් සකස් කරමින් පවතින අතර ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ද ගනිමින් සිටින බවය.