ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී

ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී

by Staff writer 30-07-2022 | 7:44 PM

COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළඳා  සමිඳුන් වැඳපුදා ගෙන තිබේ.

ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි.

රනිල් වික්‍රමසිංහ මහතා දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පළමු වරටයි.

අනතුරුව ජනාධිපතිතුමා මල්වතුමහා විහාරයට ගොස් සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.

පසුව වික්‍රමසිංහ මහතා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමියන් ද බැහැදුටුවේ ය.

 
?ජනපති සෙංකඩගල පුරවරයට දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

?ජනපති සෙංකඩගල පුරවරයට දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී https://youtu.be/hYeeNtl7M84 #lka #SriLanka #SLnews #News #LPY

Posted by Newsfirst.lk on Saturday, July 30, 2022