පිරවුම්හල් අසල කලහකාරීව හැසිරුණු 13 ක් කොටු

ඉන්ධනහල් ආශ්‍රිතව කලහකාරීව හැසිරුණු 13 ක් අත්අඩංගුවට

by Staff writer 30-07-2022 | 10:06 PM

COLOMBO (News 1st) - ඉන්ධනහල් ආශ්‍රිතව කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ සහ අද අලුයම් කාලයේදී එම පිරිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ, හුංගම, යක්කල, හිඟුරක්ගොඩ, පාදුක්ක, ගල්ගමුව, කාත්තන්කුඩි, දුන්ගල්පිටිය, ඉමදූව, කරන්දෙණිය, කටාන සහ පොළොන්නරුව යන පොලිස් බල ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල්වලිනි.

අදාල සැකකරුවන් ඉන්ධන පිරවුම්හල් අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධා කිරීම, බැණ  වැදීම, තර්ජනය කිරීම සහ පහරදීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.