මාධ්‍යවේදීන්ට පහරදීම:අදත් විමර්ශන

නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසම අදත් විමර්ශන

by Staff writer 29-07-2022 | 8:02 PM

COLOMBO (News 1st) - ජූලි මස 09 වැනි දා නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම අදත් විමර්ශන සිදු කර ති‌බේ.

අද පෙරවරුවේ මානව හිමිකම් කොමිසම හමුවේ, නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන ජනිත මෙන්ඩිස් හා ජූඩින් සින්දුජන් සාක්ෂි දුන්නේ ය.  

පසුගිය බදාදා එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම ද මානව හිමිකම් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ය. 

ඒ, මාධ්‍ය නිදහසට එල්ල වූ තර්ජනය සම්බන්ධයෙන් අප ඉදිරිපත් කළ පැමිණිල්ල අනුවයි.