ජූලි මාසයේ උද්ධමනය 60.8% ක්

ජූලි මාසයේ උද්ධමනය 60.8% ක් - ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

by Staff writer 29-07-2022 | 5:38 PM

COLOMBO (News 1st) - මේ මාසයේ ආහාර මිල ගණනන් 90.9% කින් ඉහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ පාරිභෝගිකයින්ගේ මිල දර්ශකයට අනුව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ගණනය කළ මෙම මාසයේ භාණ්ඩ හා සේවාවල සමස්ත මිල මට්ටම් වැඩිවීම හෙවත් උද්ධමනය 60.8% කි.

මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ, ආහාර මිල ගණනන් සීඝ්‍රයෙන් ඉහළ යාමයි.

ආහාර නොවන අංශය වන තෙල් මිල ඉහළ යාම තුළ ප්‍රවාහන ගාස්තු වැඩිවීම, ගෑස් ඇතුළු මිල ගණනන් ඉහළ යාම ද භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාමට බලපා ඇත.