QR ක්‍රමයට ඉන්ධන ගන්න මිලියන 4ක් ලියාපදිංචි වෙයි

QR කේතය හරහා ඉන්ධන ගැනීමට මිලියන 4ක් ලියාපදිංචි වෙයි

by Staff writer 28-07-2022 | 7:06 AM
COLOMBO (News 1st) - ජාතික ඉන්ධන අවසර පත සඳහා 4,296,950 ක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, ජාතික ඉන්ධන අවසර පත සඳහා ලියාපදිංචි වීමට පහසුකම් සලසා ඇති බවය. ලියාපදිංචි වූ වාහන පිළිබඳ තොරතුරු මෙසේය. මේ අතර වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් අංකය අනුව සහ ජාතික ඉන්ධන අවසර පත අනුව ඉන්ධන බෙදා හැරීම අදත් දිවයින පුරා ක්‍රියාත්මක වේ. අද ඉන්ධන නිකුත් කරන්නේ වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකය 3 ,4 , හා 5 යන අංක සහිත වාහනවලට පමණි. මේ අතර තවදුරටත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පවතිනු ඇත.