.webp)
COLOMBO (News 1st) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද පුළුල් සාකච්ඡාවක් සිදු කළ බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පවසයි.
බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය අද(28) පස්වරුවේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබුණේ මුදල් අමාත්‍යාංශයේදී ය.
මෙම හමුවෙන් පසුව ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කළේ ය.
උපුටා ගැනීම
"එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අනුකූලව මානව හිමිකම් සහ නියමිත ක්‍රියාවලියට ගරු කිරීම, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී සහ විවෘත අවකාශයක් තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වනවා."
උපුටා ගැනීම අවසන්.