.webp)
COLOMBO (News 1st0 - ජූලි මස 09 වැනිදා නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම අද (27) විමර්ශන කළේ ය.
අද පස්වරුවේ මානව හිමිකම් කොමිසම හමුවේ එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම සාක්ෂි ලබා දීමට කටයුතු කළේ ය.
ඒ සමාගමේ කීර්ති නාමයට හා මාධ්‍ය නිදහසට එල්ලවූ තර්ජනය සම්බන්ධයෙන් අප ඉදිරිපත් කළ පැමිණිල්ල අනුවයි.
මෙම සිදුවීමේදී පහර කෑමට ලක්වූ නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ගේ සාක්ෂි ලබා ගැනීම සඳහා ද කොමිසම දින ලබා දී තිබේ.