.webp)
COLOMBO (News 1st) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිංගප්පුරුවේ රැඳී සිටීම සඳහා වන වීසා කාලය දින 14 කින් දිර්ඝ කර තිබේ.
සිංගප්පූරු මාධ්‍ය අනාවරණ කළේ, ඒ අනුව අගෝස්තු මස 11 වැනිදා දක්වා ඔහුට එරට රැඳී සිටීමට අවකාශ පවතින බවයි.
පසුගිය 13 වැනිදා හිටපු ජනාධිපතිවරයා සිංගප්පුරුවට පැමිණියේ මාලදිවයිනේ සිටයි.
සිංගප්පුරු මාධ්‍ය වාර්තා කළේ, ඔහු මේ වනවිට සිංගප්පූරුවේ නිවසක රැඳී සිටින බවයි.
මේ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (26) පැවසුවේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට එනු ඇති බවයි.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා නැවත පැමිණීමේ ස්ථිර දිනයක් පිළිබඳව තමාට දැනුවත්භාවයක් නැතැයි, ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කළේ ය.