ශ්‍රී ලංකාවෙන් පකිස්ථානයට ලකුණු 508ක දැවැන්ත ඉලක්ක

ශ්‍රී ලංකාවෙන් පකිස්ථානයට ලකුණු 508ක දැවැන්ත ඉලක්කයක්

by Staff Writer . 27-07-2022 | 6:03 PM

COLOMBO (News 1at) - ශ්‍රී ලංකා - පකිස්ථාන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 508 ක ඉලක්කයක් හඹා යන පකිස්ථාන කණ්ඩායම දිනය නිමා වනවිට එක් කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 89කි.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 378 ට පිළිතුරු ලෙස පකිස්ථානයට පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 231 ක් පමණි. 

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට කඩුලු 08ක් දැවී ලකුණු 360ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 508ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පකිස්ථාන දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස අබ්දුල්ලා ශෆීක් ලකුණු 16 කට දැවී ගියේය.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අද දිනය සඳහා නතර කරන විට කඩුල්ලේ රැඳී සිටින ඉමාම් උල් හක් ලකුණු 46ක් සහ නායක බාබර් අසාම් ලකුණු 26 ක් රැස් කර ගෙන සිටී.