.webp)
COLOMBO (News 1st) – විරෝධතාවලට සවන් දීමට රජය සූදානම් වුව ද ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටින බව නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ, විවිධ දේශපාලන මත දැරුව ද පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගනිමින් රට ඉදිරියට ගෙන යාම සඳහා බැඳී සිටි බවයි.
''රජය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයන්ට සවන් දෙන්න සූදානම්. අවිහිංසාවාදීව කටයුතු කරන ජනතාවගේ අවිහිංසා හඬ රජයක් හැටියට අපි එක්ව කටයුතු කරනවා. නමුත් ත්‍රස්තවාදී කටයුතු කිරීම අපට පිළිගන්න බැහැ''
මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ සියලු දෙනා අත්වැල් බැඳගෙන එක්ව කටයුතු කළ යුතු අවස්ථාවක් බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.
තව ද අග්‍රාමාත්‍යරවයා පැවසුවේ, ඇති නැති අය අතර පරතරය වැඩි වෙමින් පැවතීම බරපතළ ප්‍රශ්නයක් බවයි.
මේ හේතුවෙන් ඇතිවිය හැකි සමාජ දූෂණයන් සහ වැඩි වන සමාජ ඉල්ලීම් සඳහා විශේෂ වැඩපිළිවෙළ ඇති කිරීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරයා සිය කතාවේදී අවධාරණය කළේ ය.
මේ අතර අග්‍රාමාත්‍යවරයා විරුද්ධ පක්ෂය සෑම දේශපාලන පක්ෂයකටම ආරාධනා කර සිටියේ, ඉදිරි වෙනස්කම් සිදු කරමින් ඉදිරියට යාම සඳහා රජය සමග අත්වැල් බැඳ ගන්නා ලෙසයි