ගුවන් යානයක් කැළඹූ අත්අඩංගුවට ගැනීමක්

ගුවන් යානයක් කැළඹූ අත්අඩංගුවට ගැනීමක්

by Sagarika Chathumali 27-07-2022 | 4:26 PM

COLOMBO (News 1st) –  කටුනායක සිට ඩුබායි බලා පියාසර කිරීමට සූදානම්ව තිබූ ශ්‍රීලංකන් ගුවන් යානයක ඇති වූ ත්‍රාසජනක අත්දැකීමක් දුටු දෙස් විදෙස් ගුවන් මගීහු දැඩි විරෝධයක්  පළ කළහ. 

ඒ අරගලයට සම්බන්ධ තරුණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට ගත් උත්සහයක් හේතුවෙනි. 

අරගලයට සම්බන්ධ වූ බව කියන ධානිෂ් අලි ඩුබායි බලා යාමට සූදානම්ව සිටියදී ගුවන් යානය තුළදී අත්අඩංගුවට ගැනීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් උත්සහය මගීන්ගේ දැඩි දොෂ දර්ශනයට ලක් විය. 

කෙසේ වෙතත් ධානිෂ් අලි බලහත්කාරයෙන් කුදලාගෙන යාමට පොලීසිය පියවර ගත්තේ ය. 

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඡූලි 13 වැනිදා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙම්න් ජාතික රෑබවාහිනියට ඇතුළු වී සජීව ලෙස පෙනී සිටම්න් තර්ජනාත්මක ප්‍රකාශ සිදු කොට විකාශය යම් කාල සීමාවකට අත් හිටුවීමට බලපෑම් කිරීම නිසා ඔහු අත්අඩංගුවට ගත් බවයි.

පොලීසිය නිකුත් කළ නිවේදනයේ ඔහුට එරෙහිව තවත් චෝදනා තුනක් නගා තිබේ. 

 
''රට වෙනුවෙන් අරගල කරාට මේ අත්අඩංගුවට ගන්නේ'' - ගුවන් යානයක් කැළඹූ අත්අඩංගුවට ගැනීම

''රට වෙනුවෙන් අරගල කරාට මේ අත්අඩංගුවට ගන්නේ'' - ගුවන් යානයක් කැළඹූ අත්අඩංගුවට ගැනීම #Airport #EDI #UNI

Posted by Newsfirst.lk on Wednesday, July 27, 2022