ගම්පහ උසාවිය ළඟ වෙඩි තැබීමක් : 4 දෙනෙකුට තුවාල

by Staff writer 27-07-2022 | 1:43 PM

COLOMBO (News 1st) –  ගම්පහ අධිකරණය අසල වෙඩි තැබීමකින් අපරාධ රැසකට චෝදනා එල්ල වී ඇති 'පස් ‌පොඩ්ඩා'  ඇතුළු  සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. 

වෙඩි තැබීම සිදුව ඇත්තේ, අද (27) දහවල් කාලයේයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, තුවාල ලැබූ සැකකරුවන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අධිකරණ කටයුත්තක් සඳහා ඔහු ඇතුළු 6 දෙනෙකු කැබ් රථයකින් ගම්පහ අධිකරණයට පැමිණ තිබේ. 

ඉන් සිව්දෙනෙකු වෙඩි තැබීමෙන් තුවාල ලැබී ය. 

මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.