අමෙරිකානු තානාපතිනිය ජනපති හමු වෙයි

අමෙරිකානු තානාපතිනිය ජනපති හමු වෙයි

by Sagarika Chathumali 27-07-2022 | 4:53 PM

COLOMBO (News 1st) –  අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය අද (27) පෙරවරුවේ    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. 

එම හමුව සිදුව ඇත්තේ, ජනාධිපති කාර්යාලයේදී ය. 

නිවේදනයක් නිකුත් කරමින්  ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිවරයා වෙත  සුබ පැතුම් පිරිනැමූ තානාපතිනිය ජනාධිපතිවරයා සමග සුහද කථා බහක ද නිරත වූ බවයි. 

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති  අතර නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහය ලබා දෙන බවට ද තානාපතිනිය සහතික වූ බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.