.webp)
COLOMBO (News 1st) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට එනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා නැවත පැමිණීමේ ස්ථිර දිනයක් පිළිබඳව තමාට දැනුවත්භාවයක් නැතැයි, ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා අද මේ බව පැවසුවේ, මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙසයි.
මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙලෙස පිළිතුරු දුන්නේ ය.
''හිටපු ජනාධිපතිවරයා සැඟව සිටිනවා කියන එක මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ. මොකද එතුමා නිල වශයෙන් අවශ්‍ය වීසා ලබා ගෙන තමයි ඒ රටට ගිහින් තියෙන්නෙ, එතුමා ආපසු පැමිණෙන බව තමයි මං දැනන් හිටියෙ, ඒ පිළිබඳ අදාළ වෙනත් තත්ත්වයක් තියෙනවා නම්, ඒකට අදාළ බලධාරීන් අපේ රටේ ජනාධිපතිවරයාට උපද්‍රවයක් එලෙසින් සිදුනොවෙන්න කටයුතු යොදයි''
? හිටපු ජනාධිපති ගෝඨාභය යළි එයි ද?? හිටපු ජනාධිපති ගෝඨාභය යළි එයි ද? ? ''හිටපු ජනාධිපතිතුමා සැඟවිලා නෑ'' - බන්දුල ගුණවර්ධන #lka #News1st #UNI #GR
Posted by Newsfirst.lk on Monday, July 25, 2022