සමාජ මාධ්‍යයෙන් සමාජය කැළඹූ බව කියන අයෙක් දැලේ

සමාජ මාධ්‍යයෙන් සමාජය කැළඹූ බවට චෝදනා පිට පුද්ගලයෙක් අත්අඩංගුවට

by Staff writer 26-07-2022 | 12:44 PM

COLOMBO (News 1st) –  සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව අතර සාමයට බාධා කරමින් නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කළ බව කියන ගාල්ලේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. 

මෙම සමාජ මාධ්‍ය මෙහෙයුමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ක්‍රියාත්මකයි.