අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් ගැසට් නිවේදනයක්

අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 26-07-2022 | 8:37 AM
COLOMBO (News 1st) –  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.  අදාළ ගැසට් නිවේදනයට අනුව යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පැවරීමක් සිදු කර නොමැති සියලු  විෂයන්, කාර්යයන් , දෙපාර්තමේන්තු , රාජ්‍ය සංස්ථා හා ව්‍යස්ථාපිත ආයතය සියල්ලක්ම තවදුරටත් ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇති. මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, පසුගිය 22 වැනිදා සිට බලාත්මක වන පරිදියි. අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය