.webp)
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නියෝග නිකුත් කළේ, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් අද සලකා බැලීමෙන් අනතුරුවයි.
චෝදනා 6ක් මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
2006 වසරේ ජූලි මස පළවැනිදා සහ 2015 ජනවාරි 15 වැනිදා දක්වා මහ බැංකු අධිපතිවරයාව සිටිමින් තම සමීපතම ඥාතීන් පිරිසකට මහ බැංකුව නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළඳපොලේ විකුණා රජයට රුපියල් බිලියන 10.04 ක සිට 10.06 දක්වා පාඩුවක් සිදු කළ බවට අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනාවකි.
භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළේ විකුණන අවස්ථාවේදී ඒවාට අදාළ අභ්‍යන්තර රහස් තොරතුරු සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටද , අමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් කැබිනට් මණ්ඩලයේ හෝ මූල්‍ය මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව අමෙරිකා එක්සත් ජනපදයේ ඉමාඩ් ෂා සුබේරි යන අයට ශ්‍රී ලංකා මුදලින් ලබාදෙමින් බැංකුකරුවෙකු ලෙස සාපරාදී විශ්වාසය කඩකර ඇති බවට ද ඔහුට එල්ලවී ඇති තවත් චෝදනාවක් ය.
තවද 2021 සැප්තැම්බර් 15 වැනිදා හෝ ඊට ආසන්න දිනක සිට 2022 අප්‍රේල් 4 වැනිදා දක්වා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී අමෙරිකානු ඩොලර් මිලියන 500 ක වටිනාකමින් යුත් ස්වෛරී බැඳුම්කර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පිරිමැසිය නොහැකි සහ අප්‍රතිකාරී හානියක් ගෙන දෙන පරිදි නම් නොදන්නා පාර්ශවයක් වෙත වාසි සැලසෙන අයුරින් 2022 ජනවාරි මස 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ශ්‍රී ලංකා මුදලින් ගෙවා ඇති බවටද තවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එල්ලවී ඇති චෝදනායි.
මෙම පැමිණිල්ල ලබන ඔක්තෝම්බර් මස 26 වැනිදා යලි කැඳවීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ය.