.webp)
COLOMBO (News 1st) - මාතර පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ හක්මන, වලස්මුල්ල, මාතර, මිද්දෙණිය සහ දෙයියන්දර යන ප්‍රදේශවල පෞද්ගලික බස් රථ හිමියන් මෙලෙස වැඩ වර්ජනයේ නිරත වන බවයි.
බස් හිමියන් පෙන්වා දෙන්නේ, ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දෙන බව පැවසුවත්, මේ වනතෙක් තමන්ට ඉන්ධන නොලැබුණු බවය.
පෞද්ගලික බස් රථ හිමියන්ට ඉන්ධන ලබා දීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනතෙක් වැඩ වර්ජනයක ක්‍රියාත්මක කරන බව බස් හිමියන් සඳහන් කරයි.