.webp)
COLOMBO (News 1st) - රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පිරිනමා තිබේ.
පුටින් මහතාගේ සුබ පැතුම් පණිවිඩය අද (25) ජනාධිපතිවරයා හමුවී භාරදී ඇත්තේ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මටේරි මහතා විසිනි.
දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තුවන බව ද රුසියානු ජනාධිපතිවරයා එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පූටින් මහතා සිය සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබූ කරුණු මෙසේය.
උපුටා ගැනීම -
“රුසියානු - ශ්‍රී ලංකා සබඳතා සම්ප්‍රදායික ලෙස ඉතා මිත්‍රශීලීයි. රාජ්‍ය නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවදුරටත් දෙරට අතර සහයෝගිතාවය වර්ධනය කිරීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙනවා. ඒ වගේම ජනතාවට ඵලදායීවන සහ කලාපීය ස්ථාවරභාවයට මෙන්ම ආරක්ෂාවට ශක්තියක් ලබාදෙන ද්වීපාර්ශ්වික සහයෝගිතාවයක් වර්ධනය කිරීමට බලාපොරොත්තුවනවා."