ජනපති මැදුරෙන් සොරා ගත් භාණ්ඩ සමග 3ක් කොටු

ජනපති මන්දිරයෙන් සොරා ගත් භාණ්ඩ විකිණීමට තැත් කළ 3ක් කොටු..

by Staff writer 25-07-2022 | 8:27 AM

COLOMBO (News 1st) –  ජනාධිපති මන්දිරයෙන් සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක් අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයින් තිදෙනකු වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ, පසුගිය 9 වැනිදා විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වී, එහි ජනෙල් තිර රෙදි එල්ලීම සඳහා බිත්තිවල සවිකර තිබූ රත්‍රං පැහැති පිත්තල බෝල 40ක් සොරාගෙන, පසුව පැරණි භාණ්ඩ ලෙස අලෙවි කිරීමට සූදානම්ව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,  රාජගිරිය, ඔබේසේකරපුර පදිංචි 28, 34 හා 37 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකි.

අදාළ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ජනාධිපති මන්දිරයේ විමර්ශන කටයුතු මෙහෙයවනු ලබන කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට නියමිතව ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.