ඉන්ධන පිරවුම්හලකදී පොලිස් රාජකාරියට බධා කළ තරුණයෙක

ගාල්ල ඉන්ධන පිරවුම්හලකදී පොලිස් රාජකාරියට බධා කළ තරුණයෙක් අත්අඩංගුවට

by Staff Writer . 25-07-2022 | 3:50 PM

COLOMBO (News 1st) - ගාල්ල ඉන්ධන පිරවුම්හලකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ යතුරුපැදිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් අක්‍රමවත්ව පිරවුම්හලේ ගාල්කර තිබූ වාහන සකස් කර ඇති බවයි.

ඊට අවනත නොවූ යතුරුපැදිකරුවෙකු උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කර, නිල ඇඳුමෙන් ඇද හානිකර තිබේ.

ඒ සම්බන්ධයෙන් ගාල්ල, බටදූවේ පදිංචි 21 හැවිරිදි අදාල යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබේ.