.webp)
COLOMBO (News 1st) - සීමා සහිත කැපිටල් මහරාජා සමූහයේ හිටපු සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්තවී අදට වසරක් සම්පූර්ණ වේ.
දිවංගත හිටපු සභාපතිවරයා සිහිපත් කරමින් අද සහ ඊයේ දිනයේ සර්ව ආගමික වැඩසටහන් ගණනාවක් පැවැත්විය.
ආර්. රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්තවී වසරක් සපිරීම වෙනුවෙන් අද දහවල් කොළඹ බේබෲක් පෙදෙසේ සිරස මාධ්‍ය ජලායේ ප්‍රධාන කාර්යාලයේදී සංඝගත දක්ෂිණාවක් පිරිනැමිණ.
ඒ සඳහා මහා සංඝරත්නය වැඩම කරවීම සිදුවුණේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිටයි.
මෙහිදී දිවංගත ආර්.රාජමහේන්ද්‍රන් මහතා සිදුකළ සමාජ, සංස්කෘතික හා ආගමික මෙහෙවර මහා සංඝරත්නය ඇගයීමට ලක් කළහ.
මේ අතර
ආර්. රාජමහෙන්ද්‍රන් මහතා සිහිපත් කරමින් වර්ෂ පූර්ණ කිතුණු දේව මෙහෙය අද සවස පැවැත්වුණේ බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දෙවස්ථානයේදීයි.
කිරුළපන ජුම්මා මුස්ලිම් පල්ලියේදී දිවංගත සභාපතිවරයා සිහිපත් කරමින් අද දහවල් ඉස්ලාම් ආගමික වාතාවත් සිදු කෙරිණ.
ආර්. රාජමහේන්ද්‍රන් මහතා සිහි කරමින් හින්දු ආගමික වතාවත් සිදුකළේ, යාපනය, කීරීමලෛයි, නගුලේෂ්වරර් කොවිලේදීයි.