.webp)
COLOMBO (News 1st) - අද(25) පස්වරුවේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12ක කාලය තුළ ද ඉන්ධන ආනයනය සීමාවන බවයි.
ඛනිජ තෙල් සංස්ථාව සෑම පිරවුම්හලකටම දිනපතා ඉන්ධන බෙදාහැරීම සිදුකර නැතැයි පෙන්වා දෙන අමාත්‍යවරයා, තොග ලැබුණත් එය ප්‍රායෝගික නොවන බව ද සඳහන් කරයි.
මේ අතර අගෝස්තු 1 වැනිදා සිට ජාතික ඉන්ධන අවසරපත අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ, අගෝස්තු මස 01 දින දක්වා අංක ක්‍රමයට ඉන්ධන ලබාගත හැකි අතර ඉන් පසුව ඉන්ධන ලබා දෙන්නේ ජාතික ඉන්ධන අවසරපතට පමණක් බවය.
ඛනිජ තෙල් සංස්ථාව සතු පිරවුම්හල් මෙන්ම ලංකා IOC පිරවුම්හල් ජාලය මගින් මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව පවසන අමාත්‍යාංශය ඒ සඳහා අනුගත වන ලෙස සියලුම ඉන්ධනහල්වලින් ඉල්ලා සිටී.