.webp)
COLOMBO (News1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ළහිරු විරසේකර, ජෝසප් ස්ටාලින් ඇතුළු 6 දෙනකුගේ විදේශගතවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
ඒ පසුගිය දා පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති විරෝධී ජන රාශියක් වශයෙන් ක්‍රියා කරමින් රජයේ දේපළවලට හානි සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඉකුත්දා පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති විරෝධී ජන රාශියක් වශයෙන් ක්‍රියා කරමින් රජයේ දේපළවලට අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයින්ට එරෙහිව විමර්ශන සිදුකරන බවයි.
ඔවුන්ට විදේශගත වීම වළක්වාලීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ළහිරු විරසේකර,ජෝශප් ස්ටාර්ලින් ,එරංග ගුණසේකර, ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු හය දෙනකුට එරෙහිව මෙම විදේශ ගතවීම වැළැක්වීමේ තහනම් නියෝග නිකුත් කළේ ය.