අගෝ. 01 වැනිදා සිට ‌ඉන්ධන නිකුත් කරන්නේ QR ක්‍රමයට

අගෝස්තු 01 වැනිදා සිට ‌ඉන්ධන නිකුත් කරන්නේ QR ක්‍රමයට පමණයි - ඇමති කංචන

by Staff Writer . 25-07-2022 | 3:27 PM

COLOMBO (News 1st) - අගෝස්තු 01 වැනිදා සිට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ QR කේත ක්‍රමයට පමණක් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන අංක තහඩුවේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම 01 වැනිදා තෙක් සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවය. 

මේ අතර, ත්‍රීරෝද රියැදුරන් ලියාපදිංචි කිරීම සඳහා බලය පවරා ඇත්තේ, පොලීසියට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බව අමාත්‍යවරයා නිකුත් කර ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.