රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කිරීම තවදුරටත්..

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කිරීමේ චක්‍රලේඛය මසකින් දීර්ඝ කෙරේ

by Staff writer 24-07-2022 | 3:07 PM

COLOMBO (News 1st) –  රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කිරීමේ චක්‍රලේඛය තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ. 

ඒ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න මහතාගේ අත්සනින් නිකුත් කළ නව චක්‍රලේඛයක් මගින් ය.

සේවයට වාර්තා කිරීමේදී රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගෙන නිකුත් කරන චක්‍රලේඛ වැරදි ලෙස උපයෝගී කරගෙන සේවයට වාර්තා නොකරන තත්ත්වයක් උද්ගත නොවීමට වග බලා ගත යුතු බව, එම චක්‍රලේඛයේ සඳහන් ය.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉටු කළ නොහැකි රාජකාරි සඳහා අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්ය මණ්ඩලය කැඳවීමට ඉන් බාධාවක් වන්නේ නැහැ.