පොලීසියට පහර දී තෙල් ගන්න හැදූ දෙදෙනෙක් කොටු

පොලීසියට පහර දී තෙල් ගන්න හැදූ දෙදෙනෙක් අත්අඩංගුවට

by Chathurika Jayasundara 24-07-2022 | 2:03 PM

COLOMBO (News 1st) - කුරුණෑගල, ගෝනගම ඉන්ධන පිරවුම්හලේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකර පහරදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, බීමතින් පැමිණි අදාළ පුද්ගලයා පෝලිමට පිටතින් පැමිණ සිය යතුරු පැදියට ඉන්ධන ලබාගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් ඊට එරෙහි වී ඇති බවයි.

එම අවස්ථාවේ සැකකරු අසළ පැවති වෙළෙඳසැලකින් තියුණු ආයුධයක් රැගෙන පොලිස් නිලධාරීන්ට පහර දී තිබේ.

එහිදී පොලිස් නිලධාරියෙකු ද අදාළ පුද්ගලයාට පහර දී තිබේ.

පසුව එම ස්ථානයෙන් පලා ගිය 40 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළ දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මේ අතර පිළියන්දල, මඩපාත ඉන්ධන පිරවුම්හලේදී පොලිස් නිලධාරියෙකුට කියතකින් පහරදීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසීය සඳහන් කළේ, යතුරුපැදියකින් අවස්ථා දෙකකින් පැමිණ නියමිත ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන ලබා ගැනීමට ඔහු උත්සහ කර ඇති බවයි.

අනතුරුව ලොරි රථයකින් ද පැමිණ ඉන්ධන ලබා ගැනීමට උත්සහා කිරීමේදී ඊට එරෙහි වූ පොලිස් නිලධාරීන්ට, සැකකරු කියතකින් පහරදීමට උත්සහ කර තිබේ.

එම අවස්ථාවේ පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරුගේ වයස අවුරුදු 43කි.