දුම්රිය ස්ථානාධිපති ගැටලුව යථා තත්ත්වයට..

දුම්රිය ස්ථානාධිපතිවරුගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවයි..

by Staff writer 24-07-2022 | 3:27 PM

 COLOMBO (News 1st) – දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ. 

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ, ප්‍රවේශ පත්‍ර ගාස්තු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු විසදීමට පොරොන්දු වීමත් සමග මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටවූ බව ය.

ඒ අනුව, සිය සේවා කටයුතු අද (24)පස්වරුවේ සිට යළි ආරම්භ කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.