.webp)
COLOMBO (News 1st) - ගෑස් රැගත් 6 වැනි නෞකාව අද(24) දහවල් දිවයිනට ළඟා විය.
ලිට්‍රෝ සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා සඳහන් කළේ ඉන් ගෑස් මෙට්‍රික් ටොන් 3,750 ක් රැගෙන ආ බවය.
ඊයේ (23) දිවයිනට ළඟාවූ නෞකාවේ ගෑස් තොග ගොඩබෑම මේ වන විට ආරම්භ කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
එහි අඩංගු ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,740 ක්.
කොළඹ දිස්ත්‍රික්කයට ප්‍රමුඛතාව දී අද ගෑස් බෙදාහැරීම සිදුකරන බව, ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ හෙට දිනයේ පිට පළාත් වලට ප්‍රමුඛතාව දී ගෑස් බෙදා හැරීම සිදුකරන බවයි.