.webp)
COLOMBO (News 1st) - අරගලකරුවන්ගේ ග්‍රහණයේ පැවති ජනාධිපති කාර්යාලයේ පුරාවිද්‍යා ස්මාරකවලට සිදුවූ හානිය පිළිබඳ වාර්තාවක් ලබා දෙන්නැයි කොටුව පොලීසීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ වාර්තාව කඩිනමින් ලබාදෙන බවය.
මේ අතර ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය යන ස්ථානවලට ද විරෝධතා පැවති අවස්ථාවේ සිදුවූ හානි පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයට සිදුවූ හානිය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් පොලීසියට භාර දී ඇති බවය.
ජනාධිපති මන්දිරයට වූ හානි පිළිබඳ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
අරලියගහ මන්දිරයට සිදුවූ හානි පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක අතර එම සියලු වාර්තා කඩිනමින් පොලීසීයට භාරදීමට නියමිතව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.