මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

අම්බලන්‌තොටින් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

by Staff writer 24-07-2022 | 2:44 PM

 

අම්බලන්තොට, ගොඩවාය ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ, පසුගිය 20 වැනිදා 'ධනුෂ්ක මැරීන්' එක්දින යාත්‍රාවෙන් මුහුදු ගිය අවුරුදු 29 සහ 41 යන වයස්වල පසුවන ගොඩවාය ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකි.

ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් අම්බලන්තොට වරාය පොලීසියට පැමිණිලි කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් පිළිබඳව නාවික හමුදාව ද දැනුවත් කර ඇති අතර මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි.