මිදුලට කඩා වැදුණු මෝටර් රථයට යට වී දැරියක් මරුට

මිදුලට කඩා වැදුණු මෝටර් රථයට යට වී දැරියක් මරුට

by Staff writer 23-07-2022 | 6:24 PM

COLOMBO (News 1st) - මොරගහහේන, පොල්වත්ත ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් 07 හැවිරිදි දැරියක මියගොස් ති‌බේ.

අනතුර සිදුව ඇත්තේ, එම දැරිය මිදුලේ බයිසිකල් පදිමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙනි.

පොලීසිය පැවසුවේ, අදාල මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව මිදුලට කඩා වැදී ඇති බවයි.

තුවාල ලැබූ දැරිය හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් බලධාරීන් සඳහන් කළේය.

මියගොස් ඇත්තේ, මොරගහේන මහා විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගැනුම ලැබූ දිනිති සත්සරණි නම් දියණියයි.

 
මිදුලේ බයිසිකල් පදිමින් සිටි දැරියක් මරු තුරුළට රැගෙන ගිය ඛේදවාචකය

මිදුලේ බයිසිකල් පදිමින් සිටි දැරියක් මරු තුරුළට රැගෙන ගිය ඛේදවාචකය

Posted by Newsfirst.lk on Saturday, July 23, 2022