'මන්කිපොක්ස්':ගෝලීය හදිසි තත්ත්වයක්

මන්කිපොක්ස් වෛරසය පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ - WHO

by Staff writer 23-07-2022 | 8:40 PM

COLOMBO (News 1st) - ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) මන්කිපොක්ස් පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් පිළිබඳ හදිසි කමිටුව රැස්වී ගත් තීරණයකට අනුවයි.

ලොව රටවල් 75 කින් මේ වනවිට ආසාදිතයින් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩ්රෝස් ඇඩ්නම් සඳහන් කළේ ය.

ලොව පුරා වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව, 5 කි.

මන්කිපොක්ස් වෛරසය 1970 දශකයේදී ලොව පළමු වරට හඳුනාගන්නේ කොංගෝ රාජ්‍යයෙනි.

අනතුරුව අප්‍රිකානු රටවල් 11 කින් ආසාදිතයින් හඳුනා ගැනිණි.

සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ මන්කිපොක්ස් ආසාදිතයින්ගෙන් උණ ඇතුළුව පැපොල රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.