.webp)
ඔහු මේ අදහස් පළ කළේ, සිද්ධිය පිළිබඳව අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මෙම මාධ්‍ය හමුවට නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සහකාර පොලිස් අධිකාරී එස්. යූ. වුට්ලර් යන මහත්වරුන් එක්ව සිටියහ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා,
ජනාධිපති ලේකම් කාර්යාලය කාලයක් තිස්සේ එහි ප්‍රධාන දොරටුව මේ විරෝධතාකරුවන් විසින් අවහිර කරගෙන සිටියා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අවස්ථා නවයකදී මෙම දොරටුව විවෘත කිරීම සඳහා අවශ්‍ය කරන දැනුම්දීම් ඉල්ලීම් කරා ප්‍රධාන දොරටුව අවහිර වීම මේ කාර්යාලය පැවැත්මට බාධාවක් ඉවත් වෙන්න කියලා නමුත් ඔවුන් එයට සවන් දීමක් කලේම නෑ. ජූලි මස 9 වෙනි දා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වූ පිරිස්වලට ඉවත් වෙන්න කියලා කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඒ ප්‍රදේශය භාරව ඉන්න ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ඔහුගේ සහකාර පොලිස් අධිකාරීවරයා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මේ තිදෙනා එකතුව පසුගිය 14 වැනි දා වගේම 18 වෙනි දා අවස්ථා දෙකකමදි ගිහිලා ඉතාම සාමකාමී ලෙස ඉල්ලීම් කරා මෙම කාර්යාලයෙන් ඉවත් වෙන්න කියලා. නමුත් ඒ ඉල්ලීම්වලට ඔවුන්ගේ ප්‍රතිචාරය යම් ආකාරයකට ආවේගශීලී ප්‍රතිචාරයක් දක්වමින් එයට ඉවත්වීමට එකඟතාවයක් දැක්වුවේ නෑ. ඒ නිසා අපිට යම්කිසි ආකාරයට ඔවුන් පිළිබඳව විශ්වාසය තැබීමේ ගැටලුවක් ආවා. 8 වැනි විධායක ජනාධිපතිවරයා තේරී පත් වුණා දැන් එතුමාට එතුමාගේ කාර්යාලය පවත්වාගෙන යන්න එතුමගේ කාර්යයන් සඳහා කිසිම කාර්යාල පද්ධතියක් නෑ. අනිත් එක ජනාධිපති ලේකම් කාර්යාලය කියලා කියන්නෙ මහජනතාව සඳහා තීන්දු තීරණ ගන්න ප්‍රධාන කාර්යාල පද්ධතියක්. විධායක ජනාධිපතිවරයෙක් පත් උනාට පස්සේ එම ස්ථානය අපිට එම කාර්යයන් සඳහා නිදහස් කර දීමේ වගකීම තියෙනවා ඒ නිසා තමයි ශ්‍රී ලංකා පොලීසිය ත්‍රිවිධ හමුදාව ඒ වගේම ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මේ නීති විරෝධී රැස්වීමේ සිටි සමාජිකයන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවේ. දැන් හදිසි නීතිය ක්‍රියාත්මක වෙලා අරම්භ වෙලා තියෙන අවස්ථාවේ තමයි අපි ඊයේ දිනයේදී මේ නීති විරෝධීව රැස්වෙලා සිටි පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපි ඉවත් කරන්නේ ඒ ඉවත් කිරීම සඳහා කිසිම වෙලාවක හදිසි නීතිය ඔවුන්ට ගරු අධිකරණයට ඔවුන්ගේ විමර්ශන සඳහා ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදි හෝ හදිසි නීතිය යොදවාගත්තේ නැහැ. ඒ පාවිච්චි කරෙත් සාමාන්‍ය නීතිය. හැකියාව තිබියදීත් හදිසි නීතිය යොදා ගැනීම්ට කටයුතු කළේ නෑ. ඉන් පේනවා අපි තවදුරටත් විරෝධතාකරුවන් සම්බන්ධයෙන් අපි යම්කිසි අනුගමනය කරන ක්‍රමවේදය
ප්‍රශ්නය,
විදෙස් මාධ්‍යවේදීන්ට ඊයේ පහරදීමක් සිදු කළ බවට වාර්තාවක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ පවත්වනවා ද එහෙම වාර්තාවීමක් සිදුවෙලා තියෙනව ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා,
මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණීමට පෙරත් මම මේ පිළිබඳව සොයලා බැලුවා නමුත් පොලීසියට හෝ යම්කිසි ස්ථානයකට ඒ පිළිබඳව පැමිණිල්ලක් සෘජු පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තිබුන් නැහැ කියන තත්ත්වය තමයි මට ඒ අවස්ථාව වෙනකොට නිරීක්ෂණය වුණේ. තවදුරටත් එය විමසා පරීක්ෂා කරන්නට පරීක්ෂා කරලා බලන්නට තිබෙනවා.
ප්‍රශ්නය,
ජනමාධ්‍යවේදීන්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලබා දෙන හැඳුනුම්පතේ සඳහන් වෙනවා ඔවුන්ට බාධාවකින් තොරව රාජකාරිය කරගෙන යාමට ආරක්ෂක අංශවලට අවසර දෙන්න කියන නියෝගය. මේ පිළිබඳව ආරක්ෂක අංශ නිලධාරීන් දන්නැද්ද නැත්තං මේ පිළිබඳ දැනුවත් කිරීම ප්‍රමාණවත් නැද්ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා,
ඔබ යම්කිසි ආකාරයක හඳුනාගැනීම සඳහා අවශ්‍ය කරන මම හිතනවා ජැකට් එකක් එවගේම අපි දන්නවා විරෝධතාවන්වලට ගියාම බොහෝ වෙලාවට ගල් ප්‍රහාර වන දේවල් එනවා එතකොට ඒවායින් ආරක්ෂා වෙන්න විශේෂයෙන් තමන්ගේ තියෙන උපකරණ තමන්ගේ හිස ආරක්ෂාව වෙන්න ඔබ දකිනවා විදේශ මාධ්‍යකරුවන් බොහෝ වෙලාවට ඒවා වාර්තාකරණයේදී තමන්ගේ හිස් වැස්මක් පාවිච්චි කරනවා. හිස් වැස්මක් කියන්නේ ආරක්ෂිත හිස් වැස්මක් පාවිච්චි කරනවා. ඒ වගේම ජැකට් එකක් පාවිච්චි කරනවා press හෝ තමාගේ ආයතනයේ සලකුන තියෙන ඒවගේ දෙයක් මම ඉල්ලීමක් කරනවා කාරුණික ඉල්ලීමක් ඔබලගෙ ආයතනික වශයෙන් හෝ මාධ්‍යවේදීන් වශයෙන් මේ විරෝධතාව සම්බන්ධයෙන් වාර්තා කරන්න යනකොට එවැනි එකවර හඳුනාගන්න රාත්‍රියකට හෝ දවාලකට හෝ ඕනෑම වෙලාවක එකවර හඳුනාගත හැකි ආකාරයේ ඇඳුමක් තමා පාවිච්චි කරනවා නම් අපි ඉතාමත් අගය කරනවා එහෙම හැකියාවක් තියෙනවා නම්. එවැනි ඇඳුමක් ඇඳගෙන ඉන්න පුද්ගලයකුට යම් කිසි ආරක්ෂක අංශ නිලධාරීයෙක් යම්කිසි ආකාරයක පහරදීමක් හෝ බාධා කිරීමක් කරනවා නම් අන්න එතැනදී අපිට නිලධාරීයා පිළිබඳව සාධාරණ විමර්ශනයක් හෝ පරීක්ෂණයක් කරන්න හැකියාවක් තියනවා. නමුත් ඔහු බොහෝ අවස්ථාවල ඔවුන් ඔවුන් කියන්නේ අඳුනාගැනීමට නොහැකි වුණා කියලා නමුත් ඒ අවස්ථාවට බලනකොටම සැබෑ ලෙසම මාධ්‍යවේදී මහත්වරුන් සමහර විට හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක තමයි සමහර වෙලාවට දුවන අවස්ථාවක වෙන්න පුළුවන් හැඳුනුම්පත කරේ තිබුනට එක සැරේ හොයාගන්න බෑ කියවන්න බෑ. මොකද මේ කලබලකාරී අවස්ථාවක්. ඒ නිසා මම ඒ ඉල්ලීමත් කරනවා නමුත් කෙසේ වුවත් කිසිම ආකාරයක පැහැදිලිව සියලු නිලධාරීන්ට උපදෙස් තියෙනවා මාධ්‍යවේදයෙක් කියලා පැහැදිලි කරාට පස්සේ ඒ වාර්තා කරන ඒ මිනිස්සුන්ට මහජනතාවට තොරතුරු දැනගැනීමේ තිබෙන අයිතියට බාධා නොකර කටයුතු කරන්න කියන කාරණය සියලුම නිලධාරීන්ට විශේෂයෙන් පොලිස් නිලධාරීන්ට ආරක්ෂක අංශ නිලධාරීන්ට මම දන්නවා ඒ අයත් දැනුවත් කරලා තියෙන්නේ
?පොලීසිය අරගලකරුවන් ඉවත් කළේ ඇයි??පොලීසිය අරගලකරුවන් ඉවත් කළේ ඇයි? "ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ එම ස්ථානය අපිට එම කාර්යයන් සඳහා නිදහස් කරදීමේ වගකීම තියෙනවා" -පොලිස් මාධ්‍ය ප්‍රකාශක https://youtu.be/ZWw61eOPRzg #lka #SriLanka #SLnews #News #DAR
Posted by Newsfirst.lk on Saturday, July 23, 2022