අරගලකරුවන් මර්දනය ගැන කනස්සල්ලට පත් වෙනවා

අරගලකරුවන් මර්දනය ගැන බලවත් ලෙස කනස්සල්ලට පත් වෙනවා - අමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව

by Hashini De Mel 23-07-2022 | 8:16 PM

COLOMBO (News 1st) - අරගලකරුවන් මර්දනය පිළිබඳව බලවත් ලෙස කනස්සල්ලට ලක් වූ බව අමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව ට්විටර් පණිඩුවයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂන් සමගින් ආර්ථික ස්ථාවරත්වය සඳහා කටයුතු කළ යුතු බවය.

සියල්ලට පෙර මානව හිමිකම් ආරක්ෂා කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව අවධාරණය කරයි.