.webp)
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. වීරකෝන් මහතා සඳහන් කළේ, පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
සාමාන්‍ය දිනක අධිවේගී මාර්ගවල දෛනික ආදායම මිලියන 30 ඉක්ම වනු ඇත.
පවතින තත්ත්වය තුළ මේ දිනවල දෛනික ආදායම මිලියන 8 කට පහත වැටී ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ, ගත වූ මාසයකට ආසන්න කාලයක් තුළ දෛනිකව මෙම තත්ත්වය වාර්තා වන බවයි.
කෙසේ වෙතත් කිසිදු ආබාධකින් තොරව අධිවේගී මාර්ග නඩත්තු හා සේවා කටයුතු සිදුවන බව ද ඔහු සඳහන් කළේ ය.