ජනපති කාර්යාලය අසලදී අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට

ජනපති කාර්යාලය අසලදී අත්අඩංගුවට ගත් පිරිස අධිකරණය හමුවට

by Sagarika Chathumali 22-07-2022 | 4:54 PM

COLOMBO (News 1st) –  ජනාධිපති කාර්යාලය අසලදී  ආරක්ෂක අංශ අද (22) අලුයම  අත්අඩංගුවට ගත්  පිරිස කොටුව පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබේ. 

අද (22) අලුයම ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටි විරෝධාකරුවන්ට පහර දී ඉවත්කිරීමට පොලිසිය සහ හමුදාව පියවර ගත් අතර එහිදී විරෝධතාකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණ. 

එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, කැලණිය, ඇඹිලිපිටිය, ජාඇල, රත්නපුර, සෙවනගල, වැල්ලම්පිටිය, පිටිගල, වාද්දුව,නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් 9 දෙනෙකි.  


මේ අතර පහරදීම්වලින්  14 දෙනෙකු තුවාල ලැබූ  අතර ඔවුන් ප්‍රතිකාර සඳහා  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණ. 

අලුයම 1.30ට පමණ ජනාධිපති කාර්යාලය දෙසින් ඇතුළු වූ පොලිසිය සහ හමුදාව විරෝධතාකරුවන් සහ ඒ අවට ඉදිකර තිබූ තාවකාලික ඉදිකිරිම් ඉවත් කිරිමට පියවර ගත්තේ ය.