අරගල භූමියට පහරදීම UNHRC හෙළාදකී

අරගල භූමියට අනවශ්‍ය ලෙස බලය යෙදවීම ගැන කම්පනයට පත් වුණා- UNHRC

by Staff writer 22-07-2022 | 11:01 PM

COLOMBO (News 1st) –  කොළඹ ජනාධිපති කාර්යාලය අසල පැවති විරෝධතා කඳවුරට අනවශ්‍ය ලෙස බලය යෙදවීම පිළිබඳව කම්පනයට පත්වූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ , ජනමාධ්‍යවේදීන් , නීතිඥයින් සහ විරෝධතාකරුවන්ට පහරදීම හෙළා දකින අතර බලය භාවිතය නතර කරන ලෙසයි.