අමෙරිකානු තානාපතිනිය ජනපති රනිල් හමුවෙයි

අමෙරිකානු තානාපතිනිය ජනපති රනිල් හමුවෙයි

by Staff writer 22-07-2022 | 10:48 PM

COLOMBO (News 1st) –  මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ. 

ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් තානාපතිවරිය පවසන්නේ,ගාලු මුවදොර අරගලකරුවන්ට එරෙහිව අනිසි ප්‍රහාරයක්  එල්ල කර එක් රැයකින් ප්‍රචණ්ඩත්වය වර්ධනය වීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවයි.

ශ්‍රී ලාංකීය ජනතාව අපේක්ෂිත යපහත් අනාගතය ඔවුන්ට ලබා දීමට ශ්‍රී ලාංකීය ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් මෙන්ම වගකීමක් පවතින බව ද ඇය නිකුත් කළ ටුවිටර් පණිවිඩයේ සඳහන් ය. 

මේ අතර අරගලකරුවන් පිරිසකට අද අලුයම ගාලු මුවදොරදී එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපතිවරිය නිවුස් ෆස්ට් වෙත මෙලෙස අදහස් පළ කළේ ය.  

''ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන අපි දැඩි අවධානය යොමු කරනවා.අපි විශ්වාස කරන්නේ නව ජනාධිපති සහ ඔහුගේ රජය පළමුවෙන්ම ශ්‍රී ලංකා ජනතාවගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනාගත යුතුයි.එය සිදුකළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ රාජ්‍ය පාලනය හරහායි. නමුත් මේ සිදුවූදේ එම විශ්වාසය දිනා ගැනීමේ ක්‍රමය නොවේ. අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. සියලු දෙනාගේ අයිතීන්ට ගරුකර රැඳවුම් භාරයේ සිටින සියලු පුද්ගලයන් වහා නිදහස් කරන ලෙස. මෙය ඇමරිකා එක්සත් ජනපදය දැඩි ලෙස අවධානය යොමුකරන කටයුත්තක්. මෙය ඇමරිකාවට හා ජාත්‍යන්තර ප්‍රජාවට පමණක් නොවේ මේ වෙලාවේ අභියෝගවලට ලක්ව සිටින ශ්‍රී ලාංකික ජනතාවටත් ස්ථාවර භාවයක් පිළිබඳව බලාපොරොත්තුවක් ඇති වෙලාවක්.''