තෙල් පෝලිමක තවත් මරණයක්..

අද දිනයේ තෙල් පෝලිම්වල මරණ 2ක්

by Sagarika Chathumali 22-07-2022 | 6:07 PM

COLOMBO (News 1st) - මීගහතැන්න, පැලවත්ත ප්‍රදේශයේදී ඉන්ධන පෝලීමක සිටි පුද්ගලයෙකු ඇද වැටී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මතුගම පැලවත්ත ඉන්ධන පිරවුම් හලට ඉන්ධන ලැබී තිබුණේ දින 10කට පසුවයි. 

ඉන්ධන පිරවුම් හල අසල දැඩි දතබදයක් නිර්මාණය වි තිබූ අතර එහිදි ඇති වූ තෙරපීමක් නිසා එහි සිටි පුද්ගලයෙකු සිහිසුන්ව ඇද වැටී තිබිණ.

පසුව අදාළ පුද්ගලයා මීගහතැන්න ප්‍රදේශිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළත් ඒ වන  විටත් ඔහු මියගොස් සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. 

මියගොස් තිබුණේ වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි. 

මේ අතර  අද දහවල් කාලයේ ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේදි ඉන්ධන පෝලිමකින් ද පුද්ගල මරණයක් වාර්තා විය.

59 හැවිරිදි අදාළ  පුද්ගලයා ද මියගොස් තිබුණේ,  හදිසියේ ඇඳ වැටීමෙනි.  

දින 02 ක පමණ සිට ඔහු සිය යතුරු පැදියට තෙල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිට ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.