ජනපති ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය මෙන්න 

ජනපති ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය මෙන්න 

by Sagarika Chathumali 22-07-2022 | 1:56 PM

COLOMBO (News 1st) – අන්තර්කාලීන ආණ්ඩුවේ නව අමාත්‍යවරු ජනාාාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (22) දිවුරුම් දුන්හ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එලෙස දිවුරුම් දුන් අමාත්‍යවරුන් සංඛ්‍යාව 18කි.   

1.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය 

2.  ඩග්ලස් දේවානන්දා - ධීවර අමාත්‍ය 

3. සුසිල් ප්‍රේමජයන්ත්- අධ්‍යාපන අමාත්‍ය

4. බන්දුල ගුණවර්ධන -  ප්‍රවාහන හා මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

5.කෙහෙලිය රඹුක්වැල්ල  -සෞඛ්‍ය හා ජල සම්පාදන අමාත්‍ය

6. මහින්ද අමරවීර - කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය

7. විජයදාස රාජපක්ෂ -අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය 

8. හරින් ප්‍රනාන්දු - සංචාරක හා ඉඩම් අමාත්‍ය

 9. රමේෂ් පතිරණ -වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය

10. ප්‍රසන්න රණතුංග - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය 

11. එම්.යූ.එම්. අලි සබ්රි -විදේශ කටයුතු අමාත්‍ය

12. විදුර වික්‍රමනායක - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

13. කංචන විජේසේකර -  විදුලිබල හා බලශක්ති අමාත්‍ය

14. නසීර් අහමඩ් -  පරිසර අමාත්‍ය

15.රොෂාන් රණසිංහ - ක්‍රීඩා හා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය  

16. මනුෂ නානායක්කාර - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය 

17. ටිරාන් අලස් - මහජන ආරක්ෂක අමාත්‍ය

18. නලින් රුවන්ජීව ප්‍රනාන්දු  - වෙළඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

 
Breaking News - 22/07/2022

Breaking News - 22/07/2022

Posted by Newsfirst.lk on Friday, July 22, 2022