හෙට (22) පැය 3 ක විදුලිය කප්පාදුවක්

හෙට (22) පැය 3 ක විදුලිය කප්පාදුවක්

by Staff writer 21-07-2022 | 5:49 PM

COLOMBO (News 1st) - හෙට (22) පැය 3 ක් දිවයින පුරා කලාප වශයෙන් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව A සිට L දක්වා කලාපවලට දිවා කාලයේ පැයයි විනාඩි 40 ක් හා රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. කොළඹ නගරය ඇතුළු වාණිජ කලාපවලට විදුලිය කප්පාදු කෙරෙන්නේ පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වායි. M,N,O,X,Y හා Z කලාපවලට හෙට අලුයම 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.