එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිස්

මන්ත්‍රී අසුනක් හිස්... පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිසමට දන්වයි

by Staff writer 21-07-2022 | 5:44 PM

COLOMBO (News 1st) - රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධුරයට පත් වීමත් සමග එක්සත් ජාතික පක්ෂයට හිමිවි තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මහලේකම්වරයා මේ බව දැනුම් දී ඇත්තේ, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි. ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තොරා පත් කර ගැනීමේ ජන්ද විමසීමෙන් ජයග්‍රහණය කළ රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දුන්නේ ය.