ද්‍රෞපදී මුර්මු ඉන්දියාවේ ජනාධිපති ධුරයට

ඉන්දීය ජනපතිවරණයේ ජය භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ද්‍රෞපදී මුර්මුට

by Staff writer 21-07-2022 | 9:14 PM

COLOMBO (News 1st) - ඉන්දියාවේ නව ජනාධිපතිවරිය ලෙස දෞපදි මුර්මු තේරී පත් විය.

ඒ, ඡන්ද 577,777ක් ලබා ගනිමිනි. එය මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් අඩකට වඩා වැඩි අගයක් වේ. ඇයගේ ප්‍රතිවාදියා ලෙස විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ යෂ්වන්ත් සිංහා යි. ජනාධිපතිවරණ ඡන්ද විමසීම පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළු ස්ථාන 31 කදී සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන් තුළ මධ්‍යස්ථාන 30කදී පැවැත්විය. හිටපු ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ ධූර කාලය අවසන් වී දිනකට පසු එනම් ජූලි 25 වැනි දා දෞපදි මුර්මු ඉන්දීය ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇති.