අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය සහය දෙන්න සූදානම්

අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය සහය දෙන්න සූදානම් - විපක්ෂ නායක ජනපතිට දැනුම් දෙයි

by Staff writer 21-07-2022 | 5:29 PM

COLOMBO (News 1st) - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පැවති පක්ෂ නායක හමුවකදී නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

එහි දැක්වෙන්නේ, පවතින තත්ත්වය හමුවේ විපක්ෂය දරන ස්ථාවරය යළි ජනාධිපතිවරයාට පැහැදිලි කළ බවයි. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය විපක්ෂයේ සහය ලබාදීමට සූදානම් බව විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ. ජාතික සම්මුතියක් වෙනුවෙන් පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ශක්තිමත් කරන ලෙස ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ඉල්ලීමක් කර තිබේ. විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා සමග ප්‍රකාශ කර ඇත්තේ, එසේ නොමැතිව අවස්ථාවාදීන්ට අමාත්‍ය ධූර ලබා දුනහොත් රටේ ජාතික සම්පත් විනාශ වී යනු ඇති බවයි.