IMF වෙතින් ශ්‍රී ලංකාවට නව බලාපොරොත්තුවක්  

IMF වෙතින් ශ්‍රී ලංකාවට නව බලාපොරොත්තුවක්  

by Staff writer 20-07-2022 | 9:20 PM

COLOMBO (News 1st)  - ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගලවා ගැනීමට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සිදුකරන සාකච්ඡා හැකි ඉක්මණින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය පැවසුවාය.

ජපනයේ නිකේයි පුවත් සේවයට  අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ, විදේශ සංචිත සිඳී යාමෙන් පසු ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයකින් පෙළෙන ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම පිළිබඳව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා ගැඹුරින් සැලකිලිමත් වන බවයි.

මීළඟ නායකයා රටේ සුබසාධනය හා පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන්නේ නම්, ඕනෑම ශ්‍රී ලංකා රජයක් සමග කටයුතු කිරීමට සූදානම් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂවරයි ප්‍රකාශ කර තිබේ.

ඇය අවධාරණය කර ඇත්තේ, මෙවැනි තත්ත්වයකදී ඕනැම රටක් අර්බුදයට මුහුණදිය යුතු අතර එය මග හැරයාමෙන් කිසිදු ඵලක් නොවන බවය.