.webp)
-493537.jpg)
COLOMBO (News 1st) - 08 වැනි විධායක ජනාධිපති ලෙස පාර්ලිමේන්තුව මගින් රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත් කර ගත් බවට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා විසිනි.
ඒ අනුව , 1981 අංක 02 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධි විධාන පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
