ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට ඒම වැළැක්වේ

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට ඒම වළකමින් අධිකරණ නියෝගයක්

by Sagarika Chathumali 20-07-2022 | 3:09 PM

COLOMBO (News 1st) – ගාලු මුවදොර , බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50 ක ප්‍රදේශයට කිසිඳු පාර්ශවයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝගයක් නිකුත් කළේ ය. 

ඒ කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. 

අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ ය.  

ඒ අනුව පොලිසිය ඉල්ලා සිටියේ බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළට කිසිදු පාර්ශවයක් ඇතුළුවීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. 

ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ ය.